Health
ඩයබිටික් කෝමා එකක් හැදුනොත් මොකද කරන්නේ?
රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ
පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය
රේණුකා ජයතිස්ස
මෙය දියවැඩියා රෝගීන් අතර දැකිය හැකි සුලබ තත්ත්වයක් ලෙස අධි හා අඩු රුධිරගත සීනි මට්ටම දැකගත හැකිවේග මෙම රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම ඕනෑම අවස්ථාවක අඩු හෝ වැඩි වීමේ හැකියාවක් පවතීග එමෙන්ම රුධිරයේ සීනි මට්ටම අඩුවීම ඉතා වේගයෙන් සිදුවීමේ හැකියාවක්ද පවතීග එම නිසා මෙම තත්ත්වයට වහා ප්‍රතිචාර දක්වා රෝගියා එම තත්ත්වයෙන් මුදාගැනිම අවශ්‍ය වේග
රුධිරයේ සීනි මට්ටම අඩුවීමට හේතුව
ෆ සාමාන්‍ය ප්‍රමාණයට වඩා අධික ලෙස කායික ක්‍රියාකාරකම් හෝ ව්‍යායාමයන්හි නිරත වන විටල
ෆ නිසි වේලාවට ආහාර නොගත් විට හෝ අඩුවෙන් ආහාර ගත් විටල
ෆ ඖෂධ වැඩි වශයෙන් අනවශ්‍ය ලෙස ලබා ගත් විට
ෆ මත්පැන් පානය කළ අවස්ථාවේදී
රුධිරයේ සීනි මට්ටම අඩු වීම හඳුනාගත හැකි ලක්ෂණ ආරම්භක අවදියේදී
ෆ වෙව්ලීම
ෆ කලබලවීම
ෆ වහා කිපීම
ෆ ව්‍යාකූල බව
ෆ හෘද ස්පන්දනය වේගවත් වීම
ෆ දහඩිය දැමීම
හයිපොග්ලයිසීමියා ගැන ඔබ දන්නවාදරෑ
රුධිරයේ සීනි මට්ටම ලීටරකට මිලිමෝල් 4 වඩා අඩුවීම හයිපොග්ලයිසීමියා ලෙස හැඳින්වේග
රුධිරයේ සීනි මට්ටම අඩුවීම ඉතා වේගයෙන් සිදුවිය හැකියග එම නිසා මෙම තත්ත්වයෙන් නිවැරදි ලෙස ප්‍රවේසම් වීම වැදගත් වේග
මෙහිදී නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් යුත් ක්ෂණිකව ක්‍රියාත්මක වන කාබෝහයිඩ්රේට් ආහාරයට ගැනීම හෝ පානය කිරීමෙන් මේ තත්ත්වය වළක්වා ගත හැකග
රෝග ලක්ෂණ
ෆ හිසරදය
ෆ දිව හා දෙතොල් හිරි වැටීම
ෆ කුසගින්න
ෆ අවේගශීලි බව
ෆ පෙනීම අපහැදිලිවීම
තව දුරටත් රුධිරයේ සීනි මට්ටම පහළ යාමේදී තම ක්‍රියාකාරකම් පවා කර ගැනීමට නොහැකිවී අවසානයේදී සිහි නැතිවීම පවා සිදුවිය හැකියිග
වහාම ක්‍රියාත්මකවන්න
රුධිරයේ සීනි මට්ටම ඉක්මනින් පරීක්ෂා කර ගන්නග එලෙස පරීක්ෂා කර ගත හැකි ක්‍රමයක් නොමැති නම් රෝග ලක්ෂණ ඇතිවූ වහාම ඒ සඳහා ආරක්ෂක පියවර අනුගමනය කරන්නග
පහත දක්වා ඇති ප්‍රමාණයන්ගෙන් ක්ෂණිකව සිරුරට උරා ගන්නා කාබෝහයිඩ්රේට් අඩංගු ආහාරයක් ආහාරයට හෝ බීමට ගන්නග
ග්ලූකෝස් තේ හැඳි 03 ක් හෝ මේස හැඳි 01ක්ල නැත්නම් ග්ලූකෝස් පෙති 01ක්
ජලයේ දිය කරන ලද සීනි තේ හැඳි 03 ක් හෝ මේස හැඳි 01ක්
සිසිල් බීම හෝ පලතුරු යුෂ කෝප්ප 01ක්
මී පැණි තේ හැඳි 03 ක් හෝ මේස හැඳි 01 ක්
මිනිත්තු 10 - 15 කින් අනතුරුව රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කර ගන්නග එවිටද රුධිරයේ සීනි මට්ටම අඩු නම්ල
ඉහත ක්‍රියාකාරකම් නැවත සිදු කරන්නග
ඔබේ ඊළඟ ආහාර වේල තවත් පැයකට වඩා ප්‍රමාද වේ නම් හෝ යම් ක්‍රියාකාරකමක නිරත වීමට සිදුවේ නම් ආහාර මාර්ගෝපදේශන ඔබේ වර්ණ කලාපයට අනුව වන ආහාර සැලැස්ම යටතේ වන සුළු ආහාරයක් ලබා ගන්නග
වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමුවන්නග
රුධිරයේ සීනි මට්ටම වැඩිවීම
ආහාරල ව්‍යායාම හා ඖෂධ යනාදියේ අසමතුලිතතාවයේ ප්‍රතිඵලයක් ලෙස අධි රුධිරගත සීනි මට්ටම ඇතිවිය හැකියග එසේම රෝගී තත්ත්වයක් හෝ ශාරීරික ආතතිය නිසා හෝ රුධිරයේ සීනි මට්ටම ඉහළ යා හැකියග
රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම නිසා ඇතිවන රෝග ලක්ෂණ
ෆ පිපාසය
ෆ මුත්‍රා කිරීමේ වාර ගණන වැඩිවීම
ෆ වීඩාව
අනුගමනය කළ හැකි පියවර
ෆ ඖෂධ හෝ ඉන්සියුලීන් ලබා ගැනීම
ෆ ආහාර සැලසුම හැඩගස්වා ගැනීම
ෆ කායික ක්‍රියාකාරකම් වැඩිකර ගැනීම යනාදිය වේග
ෆ වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමුවන්න
curtesy :dinamina.lk